08 Oct 2015
අවදානම ඉවත්වන තුරු දකුණු අධිවේගයේ කොටසක් වැසේ
නායයෑමේ අවදානමක් හේතුවෙන් දැනට වසා දමා ඇති දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදූව සහ ඉමදූව අතර කොටස ආපදා කළමනාකරන අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපාගේ නිරීක්ෂණයට ලක්වී තිබේ.
හිරු නිව්ස් වාර්තා කරන පරිදි ඊයේ දිනයේදී අමාත්‍යවරයා ප්රමුඛ තවත් නිලධාරීන් පිරිසක් එහි නිරික්ෂණ කටයුතු සිදුකළ අතර එහිදී අමාත්‍යවරයා දැනුම් දී ඇත්තේ මාර්ගයේ අවදානම ඉවත්වන තුරු එම කොටස විවෘත නොකරන බවයි.