28 Aug 2015
අවන්හලකට පැන්න හොරු මුදල් රැගෙන මාලෙකුත් කඩන් ගිය හැටි
පස්යාල – කලල්පිටිය ප්රදේශයේ ආපනශාලාවකට ඇතුළු වූ කොල්ලකරුවන් දෙදෙනෙක් එහි තිබූ මුදල් සහ ආපනශාලාවට පැමිණ සිටි කාන්තාවකගේ රන් මාලය පැහැරගෙන ගොස් තිබේ.
ඊයේ රාත්රී 7.45ට පමණ ප්රසිද්ධ අවන්හලකදී මෙම මංකොල්ලය සිදුවී ඇත්තේ එහි වැඩිහිටි පිරිස් මෙන්ම කුඩා දරුවන්ද සිටින අවස්ථාවකයි.
ෆුල්ෆෙස් හෙල්මට් දමා මුහුණු ආවරණය කරගෙන පැමිණ ඇති කොල්ලකරුවන් අත ගිනි අවියක් සහ තියුණු ආයුධයක් තිබී ඇත.
එලෙස පැමිණි කොල්ලකරුවන් මුදල් ද රැගෙන පලායන අතර එම අවස්ථාවේ අසල සිටි අයෙකුගේ රන් මලයක්ද කඩාගෙන ගොස් ඇති බව වාර්තා වේ.
එහි CCTV දර්ශන පහතින්…