අවන්හලක ඇතිවූ ගැටුමකින් රංගන ශිල්පියෙක් මරුට

null

මහරගම ප්‍රදේශයේ අවන්හලක දෙපිරිසක් අතර අති වූ ගැටුමකින් රංගන ශිල්පී ඉන්දික ප‍්‍රදීප් රත්නායක මහතා ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිස් ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ ඊයේ උදෑසන 4.30ට පමණ දෙපිරිසක් අතර ඇති වූ බහින් බස්වීමකින් පසුව ප‍්‍රතිපාර්ශ්වය විසින් එල්ල වූ පිහි පහරකින් තුවාල ලබා සිටි ඉන්දික ප‍්‍රදීප් මහතා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි.

රංගන ශිල්පී ඉන්දික ප්‍රදීප් රත්නායක මහතා මියයන විට 44 වියේ පසු වුණි.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර මහරගම පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>