අවමංගල්‍ය රථයක් දුම්රියේ හැපේ
කැලණිය වනවාසල හැන්සන් ටවුන් දුම්රිය හරස් මාර්ගයේ අනතුරු සංඥා නොතකා දැමූ අවමංගල්‍ය රථය මෙසේ අනතුරට පත්වී ඇත.
පලෙයි සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු සීග්‍රගාමී දුම්රියක අවමංගල්‍ය රථය ගැටීමෙන් පසු එය විසිවී ගොස් අසල තිබු ත්‍රිරෝද රථ දෙකක සහ මගියෙකුගේ ශරීරයේ ගැටී ඇත. සිද්දියෙන් තුවාල ලැබූ 5 දෙනෙකු රෝහල් ගත කර තිබේ.
ඊයේ (24) ප.ව.1.25 ට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර සිද්දිය වන අවස්ථාවේ අවමංගල්‍ය රථය මෘත දේහයක් නොමැතිව ධාවනය කර තිබේ. සිද්ධිය දුටුවන් පවසන්නේ සංඥා නොතකා දුම්රිය හරස් මාර්ගය හරහා රථය ගමන් කිරීමට උත්සහ කල අවස්ථාවේ එය දුම්රිය මාර්ගය මැද නතර වී ඇති අතර එය එතනින් ඉවත් කරගැනීමට රියදුරාට නොහැකි වූ බවත්ය. රථය දුම්රියේ හැපී විසිවීම නිසා බරපතල හානි නොවී ඇති බවද පැවසේ. රෝහල් ආරංචි වලින් සදහන් වන්නේ තුවාල ලැබුවන්ට බරපතල හානි නැති බවකි.
කෙසේ වෙතත් මෙම අනතුර හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ. ඒ අනුව කොළඹ දෙසට ධාවනය වන දුම්රිය එක් මංතීරුවකට පමණක් සීමා වී ඇති බව දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කරයි.
පහත දැක්වෙන්නේ ලංකාදීප වෙබ් අඩවියේ පළවූ ඡයාරූප කිහිපයකි.