අවසන් තරඟයේ ජය ලංකාවට
සූරියවැවදී ඊයේ (26) පැවැති පස්වැනි හා අවසන් එක්දින තරගයෙන් සංචාරක පාකිස්තාන කණ්ඩායම පරදා ලකුණු 165ක දැවැන්ත ජයක් ලැබීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 04 ක් පමණක් දැවී ලකුණු 368ක් රැස්කිරීමට සමත්විය.
ශ්රී ලංකා කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 369 දැවැන්ත ඉලක්කයට පිළිතුරු ලෙස පාකිස්තාන කණ්ඩායමට සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 203 ක් පමණි.
මොහොමඩ් හෆීස් (37) හා අසර් අලි (35) යම් තරමක උත්සහයක් ගත්තද සෙසු සියලුම පිතිකරුවන්ට ජයග්රහණය අවැසි දායකත්වයක් ලබාදීමට නොහැකි විය.
ශ්රී ලංකා පන්දු යවන්නන් අතරින් හොඳම පන්දු යැවීම සනිටුවන් කළ සචිත්ර සේනානායක කඩුලු 03ක් දවා ගැනීමට සමත්විය.
කෙසේ වෙතත් තරග පහකින් සමන්විත මෙම තරගාවලිය තරග 3-2 ක් ලෙස පාකිස්තානු කණ්ඩායම පෙරමුණ ගැනීම හේතුවෙන් තරගාවලියේ ජය පකිස්ථානයට හිමිවිය.