29 Jan 2015
අවසන් තරඟයේ ජය ශ්රී ලංකාවට
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවති එක්දින තරගාවලියේ අවසන් තරගයෙන් ලකුණු 34ක ජයක් හිමිකර ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්විය.
කාසියේ වාසිය දිනාගනිමින් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 287ක් ලබාගත්තේය.
කුමාර සංගක්කාර නොදැවී ලකුණු 113
ටී.එම්.ඩිල්ෂාන් ලකුණු 81
පිළිතුරු ඉනිම ක්රීඩා කළ නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 45යි පන්දු 2ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 253ක් පමණි.
කෙසේ වෙතත් තරගාවලියේ ජය 4-2ක් ලෙස හිමිවූයේ නවසීලන්ත කණ්ඩායමටයි.