අවසන් T20 තරඟය කොදෙව්වන් ජයගනී
ඊයේ කොළඹ දී පැවති කොදෙව් – ශ්රී ලංකා දෙවන පන්දුවාර 20-20 තරඟයෙන් ලකුණු 23ක පහසු ජයක් ලබා ගැනීමට කොදෙව්වන් සමත්විය.
මෙම තරඟයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 162ක් ලබා ගත්තේය.
කොදෙව් ඉනිම වෙනුවෙන් ජොන්සන් චාල්ස් ලකුණු 34ක් හා දිනේෂ් රම්දින් නොදැවී ලකුණු 34ක් ලබාගත් අතර පන්දුවෙන් දස්කම් පෑ ලසිත් මාලිංග හා මිලින්ද සිරිවර්ධන කඩුලු 2ක බැගින් දවා ගන්නා ලදී.
අනතුරුව ජයග්රහණය කරා ලකුණු 163 ක ඉලක්කයක් හඹාගිය ශ්රී ලංකා කණ්ඩායමට නියමිත පන්දු වාර විස්ස අවසානයේ සියලූදෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 139 ක් පමණයි.
ඒ අනුව විස්සයි විස්ස ක්රිකට් තරඟාවලිය එකට එකක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් විය.
දෙරට අතර පැවති පළමු විස්සයි – විස්ස තරඟය ලකුණු 30 කින් ජය ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් විය.