අවුරුදු උත්සවයක් නිසා ගමක් කැළඹෙයි

null

ඇල්පිටිය කහදූවේ සංවිධානය කර තිබූ බක් මහ උළෙලකට මැරයින් පිරිසක් විසින් පහරදී තිබේ. එම මැරයින් අත්අඩංගුවට ගන්න ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීන් මේ වන විට උද්ඝෝෂණයක ආරම්භ කර තිබේ.

ලංකාදීප පුවත් වාර්තා කරන පරිදි වජිර අබේවර්ධන පදනම විසින් සංවිධානය කැරුණු අවුරුදු උත්සවයකදී මෙම ප්‍රහාරය එල්ල කළ 25ක පමණ මැරයන් අත තුවක්කු හා කඩු පොලුද වූ බවත් සෙනසුරාදා රාත්‍රියේදී මේ ගැටුම වරින්වර ඇවිලී ගිය බවත් කඩ කිහිපයක් හා ගෙයක් පොඩිපට්ටම් කර ඇති බවත් පොලිසිය මැරයන් අත්අඩංගුවට ගැනීමට ක්ෂණිකව ක්‍රියා නොකළ බවත් ගැමියෝ පවසා ඇත.

මේ හේතුවෙන් ඔවුන් ඇල්පිටිය, කහදූව හරහා මාපලගම ප‍්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක ආරම්භ කර තිබේ. කහදූව මාපලගම පාරේ තුංමංහන්දිය ලී කොට හා වාහන දමා අවහිර කළ ගැමියෝ අද (19) උදෑසන සිට පාරටවී පොලිසියට විරෝධය දක්වන බව වාර්තා වේ.

මුලින්ම සෙනසුරාදා සවස 4ට පමණ මැර ප්‍රහාරය එල්ලවූ බවත් මග දෙපස නිවාසවල විදුලිය නිවන ලෙස මැරයන් කළ ‘නියෝගය‘ නොතැකූ නිවාසවලට හා කඩසාප්පුවලට පහරදී ඇති බවත් ප්‍රදේශවාසීන් පවසයි. මැරයන් දේශපාලන රැකවරණ ලබන්නවුන් බවද ඔවුන් සඳහන් කරයි.

ප්‍රදේශයට ඇල්පිටිය, නාගොඩ හා පිටිගල පොලිසිවලින් අතිරේක බල සේනා කැඳවා ඇත.

null
null
null
null
null
null
null
null

pics – ලංකාදීප

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>