අවුරුදු තුනක දරුවෙකු පන්සලක දමා ගිහින්

null

අවුරුදු තුනක් පමණ වයසැති කුඩා දරුවෙකු සූරියවැව, විහාරගල අලිඔලුආර පිරිවෙනහි දමා ගොස් තිබේ.

අලිඔලුආර විජිතාලෝක පිරිවෙනේ පරිවේණාධිපති ගැටමාන්නේ විජිත හිමියන් පවසන්නේ, ඊයේ (22) සවස පහට පමණ විහාරස්ථානයට පැමිණි කාන්තාවක් දරුවා දමා පළාගිය බවයි.

අදාළ කාන්තාව පෙනුමෙන් වයස අවුරුදු 40 ක පමණ කාන්තාවක බවත්, මාතර, කොප්පරාව ප්‍රදේශයේ පදිංචි බව කියන දරුවාගේ නම සුපුන් බවත් විජිත හිමියෝ පවසති.

සිද්ධිය සම්බන්ධයෙන් සූරියවැව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>