අවුරුදු සමය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවයක්

null

සිංහල සහ දෙමළ අලූත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට අද සිට විශේෂ ප‍්‍රවාහන සේවා කි‍්‍රයාත්මක කර තිබේ.

ලංකා ගමනා ගමන මණ්ඩලය ප‍්‍රකාශ කළේ ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සදහා අතිරේක බස් රථ යොදවා ඇති බවයි.

නෙත් නිව්ස් වාර්තා කරන පරිදි දුර ගමන් සේවා බස් රථ වැඩි සංඛ්‍යාවක් ඒ සදහා යොදවා තිබෙන අතර ප‍්‍රධාන නගරවලින් ආරම්භ කර අතුරු මාර්ගවල ධාවනය කෙරෙන බස් රථ සංඛ්‍යාවද වැඩිකර ඇති බව ලංකා ගමනා ගමන මණ්ඩලය ප‍්‍රකාශ කර ඇත.

එමෙන්ම ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයද ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සදහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.

මේ අතර අලුත් අවුරුදු සමය වෙනුවෙන් අද සිට විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කර තිබෙන අතර දුම්රිය සාමාන්‍යාධිකාරි විජය අමරතුංග මහතා පැවසුවේ, කොළඹ සිට මාතර, අනුරාධපුර, ගාල්ල, මහව යන ගමනාන්ත වෙත එම විශේෂ දුම්රිය සේවාව ක්‍රියාත්මක බව ය.

අද දින සිට ලබන 19 වනදා තෙක් එම සේවාව ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව දුම්රිය ගමන් වාර 50ක් වැඩි වී ඇති බව ද ඔහු පැවසී ය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>