අවුරුදු 3 දරුවෙක් ලිඳකට වැටී මරුට

null

දඹුල්ල මොරගොල්ලව ප්‍රදේශයේ වයස අවුරුදු 3ක පිරිමි දරුවෙකු ළිඳකට වැටී මියගොස් ඇතැයි දඹුල්ල පොලිසිය පවසයි. මියගොස් ඇත්තේ අවුරුදු 3යි මාස 4ක් වයසැති විහග සම්පත් නමැති දරුවෙක්.

ඊයේ (12) පස්වරු 2 ට පමණ අනතුර සිදුව තිබේ. මව, දරුවා නිවසේ කාමරයක සිටියදී වැසිකිළියට ගොස් ඇති අතර නැවත පැමිණ බලද්දී දරුවා නොමැති නිසා සොයා බලන අවස්ථාවේ නිවසේ සිට මීටර් 100ක් පමණ දුරින් පිහිටි අඩක් ගඩොලින් බැඳ ඇති ළිදක වැටී සිටිනු දැක ඇත.

පසුව අසල්වාසීන්ගේ උදව්වෙන් දරුවා ගොඩගෙන දඹුල්ල රෝහලට රැගෙන ගොස් ඇතත්, එහිදී දරුවා මියගොස් ඇතිබව පොලිසිය කියයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>