අවුරුදු 5 දැරිය දුෂණය කල නරුම පියා

null

වයස අවුරුදු 05 ක් වන තම දියණියට බරපතළ ලිංගික අපරාධයක් සිදු කළ බව කියන පියෙකු අත්අඩංගුවට ගෙන ඇති බව දංකොටුව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 45 ක් වන අයෙකු වන අතර ඔහු ප්‍රදේශයේ උළු කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිට ඇත.

සැකකරු, ඔහුගේ බිරිඳ සහ අතවරයට පත්ව ඇති දැරිය පදිංචිව සිට ඇත්තේ දංකොටුව ප්‍රදේශයේ පිහිටි උළු කර්මාන්ත ශාලාවක කම්කරු නිවාසකය. එම නිවසේදී සැකකරු විසින් තම දියණියට මෙම අපරාධය සිදු කර ඇති බව පොලිසිය කියයි.

පියා විසින් තමන්ට සිදු කරන ලද අපරාධය දැරිවිය විසින් තම මවට පවසා ඇති අතර ඉන් පසුව දැරියගේ මව වන 29 හැවිරිදි සැකකරුගේ බිරිඳ විසින් මේ බව පොලීසියට පවසා ඇති බව සඳහන්ය.

සිදු කරන ලද මූලික විමර්ශන වලින් පසුව පොලීසිය විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුගේ අතවරයට ලක්වූ බව කියන දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා දංකොටුව දිසා රෝහලට ඇතුළත් කර ඇත.

වෛද්‍ය පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ දැරිවිය බරපතළ අපයෝජනයකට ලක්ව ඇති බවය. සැකකරු මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>