අවුරුදු 65 ආච්චියෙකුට සිව් නිවුන් දරු උපතක්

null

ජර්මනියේ ඇනාග්රේට් රාවුනිග්ක් (annegret raunigk) නමැති 65 හැවිරිදි කාන්තාව පසුගිය දිනක සිවු නිවුන් දරුවන්ට උත්පත්තියක් ලබාදී ඇති බවට වාර්තා වෙයි.

සිවු නිවුන් දරුවන් බිහිකළ ලොව වයස්ගතම කාන්තාව ඇය වන අතර මෙවර ඇයට පුතුන් තුන් දෙනෙක් සහා දියණියක ලැබී තිබේ.

සැමියෙකු නැති, වෘතියෙන් ගුරුවරියක වන ඇය මෙයට පෙර වැඩි දෙනාගේ අවධානයට ලක් වුනේ වයස අවුරුදු 55 දී දියණියක ප්‍රසුත කල නිසයි.
දැනට දස වන වියේ පසු වන ඇගේ ලෙයිලා නම් ඒ දියණියගේ ඉල්ලීමකට අනුව ඇයට බාල සහෝදරයෙකු හෝ සහෝදරියක ලබා දීම සඳහා කෘතීම සංසේචනයක් ඔස්සේ දරුවෙකු ලබා ගැනීමට තමුන් කටයුතු කල බව ඇය පවසයි.

කෙසේ වෙතත් ඇගේ කුස තුල එක් කළලයක් නොව කළල හතරක්ම වැඩෙන බව දැනගත් එක් වෛද්‍ය වරයෙකු ඇයට ඉන් එකක් හෝ දෙකක් ගබ්සා කරන ලෙස දැනුම් දුන්නද එය ඉටු කිරීම ඇනාග්රේට් ප්‍රතික්ෂේප කර ඇත.

සති 26 කින් උපත ලැබූ මේ දරුවන් හතර දෙනා මේ වන විට නොමේරු ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>