17 Jan 2015
අශෝභන ලෙස හැසිරුණු ගුරුවරයෙකු ගස් බඳී
අශෝභන ලෙස හැසිරුණු ගුරුවරයෙකු බව කියන පුද්ගලයෙකු අල්ලා ගස් බැදීමේ පුවතක් දඹුල්ල ප්රදේශයෙන් වාර්තා වේ.
අදාල ගුරුවරයා පාසල් සිසුවියකට සිය රහස් ප්රදේශ පෙන්වා ඇති අතර අනතුරුව ප්රදේශවාසීන් විසින් දඹුල්ල 40 කනුව ප්රදේශයේ දී මොහුව අල්ලා ගස් බැද පොලිසියට බාර දී තිබේ.
නෙත් නිව්ස් සඳහන් කරන පරිදි දඹුල්ල පොලිසිය සඳහන් කර ඇත්තේ සැකකරු යතුරු පැදියකින් පැමිණ කාන්තාවන් ගැවසෙන ස්ථාන වලට ගොස් මෙවැනි ක්රියා සිදු කරන බවට අවට ගම්මාන වල ජනතාවද පැවසු බවයි.
එමෙන්ම සැකකාර ගුරුවරයා ගේ ජංගම දුරකථනයේ අසැබි වීඩියෝ දර්ශන සීයකට අධික ප්රමාණයක් මෙන්ම පාසල් සිසුවියන්ගේ ද පින්තුර තිබු බව පොලිසිය පවසයි.
සැකකරු අද (17) දඹුල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
dat sick bastard :@