අසභ්‍ය දෑ ළඟ තබාගැනීම ගැන සිසුවාට නඩු දැමිය හැකියි

null

සේයාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු 17 හැවිරිදි සැකකරුවාගේ පරිගණකයේ තිබී අසභ්‍ය දර්ශන සහිත චිත‍්‍රපට හමුවීම නිසා ඝාතනය සම්බන්ධයෙන් නොවුවත් එම කරුණ සම්බන්ධයෙන් ඔහුට නඩු පැවරීමට හැකි බව පොලිසිය පවසයි.

ඒ,1995 අංක 22 දරන දණ්‌ඩ නීති සංග්‍රහයේ (සංශෝධන) පනත අනුවයි.

එම පනතේ වරද දැක්වෙන්නේ පහත පරිදියි.

286 (අ) අසභ්‍ය ඡායාරූප, වීඩියෝපට, මුද්‍රිත ප්‍රකාශන සඳහා ළමයෙකු කුලියට ගැනීම හෝ සේවයේ යොදා ගැනීම ඒ සඳහා පොළඹවා ගැනීම, බලකිරීම හෝ එවැනි ඡායාරූපයක්‌ හෝ චිත්‍රපටයක්‌ බෙදාහැරීම, විකිණීම හා සන්තකයේ තබා ගැනීම වරදකි.

මේ අතර සේයා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සහ ඔවුන් සම්බන්ධයෙන් පොලීසිය ක්‍රියා කළ ආකාරය පිළිකුල් සහගත බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ලේකම් නීතීඥ අජිත් පතිරණ මහතා පැවසීය.

අත්අඩංගුවට ගනු ලැබූ සිසුවා සම්බන්ධයෙන් ඔහුගේ මව කියා සිටියේ දරුවාට සිදුවූ මෙම අපහාසයට වන්දියක් ලබාදිය යුතු බවයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>