අස්ගිරි මහනාහිමියන් අපවත් වෙයි

null

රෝගාතුරුව සිටි සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමියන් හදිසියේම අපවත්වී තිබේ.

දැඩිව රෝගාතුරුව සිටි උන්වහන්සේ සිංගප්පූරුවේ එළිසබෙත් රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදී අද (08) අලූයම අපවත් වී ඇත.

අස්ගිරි පාර්ශවයේ මහනාහිමියන් වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට ගෙන ගොස් තිබුනේ පසුගිය මාර්තු මාසයේදීයි.

1930 වසරේ මාර්තු මස 17 වන දා උපත ලැබූ අස්ගිරි මහනාහිමියන් අපවත් වන විට 86 හැවිරිදි වියේ පසුවුණා. අස්ගිරි පාර්ශවයේ අනුනායක හිමියන් ලෙස කටයුතු කළ උන්වහන්සේ එම පාර්ශවයේ මහනායක ධුරයට පත්වූයේ 1999 වර්ෂයේ දෙසැම්බර් මාසයේදියි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>