අසැබි වෙබ් අවහිර කරන ලෙස ඉල්ලීමක්

null

අසභ්‍ය වෙබ් අඩවි තහනම් කොට ඊට පිවිසීමේ අන්තර්ජාල මාර්ග අවහිර කරන ලෙස ඉල්ලා මහජන පෙත්සමක් අත්සන් කිරීමේ වැඩසටහනක් දියත් කර ඇති බව උපදේශනය හා සංහිඳියා සභාව (ARC) පවසයි.

ඒ අනුව මෙම පෙත්සමට මහජන අත්සන් ලබාගැනීම නොවැම්බර් මස 04 වන දින පෙ.ව 9.00 සිට සවස 6.00 දක්වා කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටින් ආරම්භ කරන බවත්,ඉක්බිතිව මෙම අසභ්‍ය වෙබ් අඩවි තහනම් කරන ලෙස ඉල්ලූ මහජන පෙත්සම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යොමුකරන බවත් උපදේශනය හා සංහිඳියා සභාවේ ලේකම්, හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහීල් ඩෝල් මහතා පවසයි.

හෙතෙම පෙන්වාදෙන්නේ ළමා අපචාර සිදුවීම් වර්ධනයට හා අපරාධ රැල්ල නැඟ ඒමට එයද හේතුවක් බවයි.

ළමා අපචාර,ස්ත්‍රී දූෂණ ආදී බොහෝ අපරාධ සඳහා මෙම අසභ්‍ය වෙබ් අඩවි තුළින් දරුවන්ගේ මනස විකෘතිවීමද යම් බලපෑමක් කරන බැව් තමන් විශ්වාස කරන බවත්, ඒ පිළිබඳ වහාම ජනතාවගේද පාලකයින්ගේද අවධානය යොමුවිය යුතුව ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>