අසුනක් නොමැතිව ගමන්කළ ගැබිණියක් බස් රථයෙන් එළියට

null

ගම්පොළ උලපනේ ප්‍රදේශයේ බස් රථයකදී ගැබිණි මවකට අසුනක් නොලැබීම නිසා සිදුවූ අනතුරක් ගැන පුවතක් වාර්තා වේ.

මහනුවර – හැටන් බස්රථයක දොර අසල සිටගෙන ගමන්කොට ඇති මෙම කාන්තාව බස් රථය වේගයෙන් වංගුවක් ගන්නවාත් සමඟින්ම බස් රථයෙන් විසිවී ගොස් ඇත. මෙය සිදුවන විට ඇයට දරුවා ලැබීමට තිබී ඇත්තේ දින 15ක් පමණ වේ.

බස් රථයේ මගීන්ගේ කෑ ගැසීම හේතුවෙන් බස්රථය නවතා 28 හැවිරිදි චන්ද්‍රමාලා නම්වන කාන්තාව ගම්පොල රෝහලට ඇතුලත් කිරීමට ප්‍රදේශවාසීන් මෙන්ම මගීන් කටයුතු කොට ඇත. කෙසේ නමුත් ඇයගේ තත්වය බරපතල බැවින් මහනුවර රෝහල වෙත යවා ඇති අතර ඇය මේ වන විට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී. ඇගේ දරුවා ළමා දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි.

මෙම සිදුවීමට මුහුණ දුන් බස්රථයේ රියදුරු හා කොන්දොස්තර එම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර ඇති අතර ගම්පොළ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>