අසූ වියැති මව දින තුනක් කාමරයක සිරකර ගමේ ගිය දරුවන්

null

දිඹුලාගල – මනම්පිටිය ප්‍රදේශයේ අසූ වියැති මහළු මවක් කුසගින්නේ සිරකර තිබියදී පොලොන්නරුව පොලිසිය විසින් සොයාගෙන තිබේ. මලෙස දින තුනක් තිස්සේ අසරණව තනිව සිට ඇත්තේ පී. සෝමාවතී යන තිදරු මවයි.

පොළොන්නරුවේ පොලිස් හදිසි දුරකථන ඇමතුම් අංකයට ලද දුරකථන ඇමතුමක් මත 08 වැනි දා දහවල් නිලධාරීන් පිරිසක් දිඹුලාගල, මනම්පිටිය ප්‍රදේශයේ පිහිටි මෙම නිවසට පැමිණ තිබේ.

එම නිවසේ දොරගුළු දමා තිබුණ අතර මව සිටින බවට තොරතුරු ලැබුණ කාමරයේ ජනේලයට තට්ටු කරද්දී මවගේ කටහඬ අසන්නට ලැබී ඇත. පොලිසියේ පිරිස කාමරයේ ජනේලය විවෘත කර බලද්දී එම මව කුඩා මෙට්ටයක් මත වැතිර සිටිනු දැක ගන්නට ලැබී ඇත. අනතුරුව මව කොටුකර තිබූ කාමරයේ ටකරන් තහඩු ඉවත්කර එයට ඇතුළුවන්නට පොලිස් නිලධාරීන් කටයුතු කර ඇගේ දුකසැප විමසූ අතර ඇයට ඉක්මණින් දහවල් ආහාරය ලබා දෙන්නටද කටයුතු කර ඇත.

පසුව එම මව පොලීසියට පවසා ඇත්තේ දියණින් දෙදෙනා සහ පුතා ගමේ යනවා යයි කියා තමාව දමා ගිය බවත් තමන්ට උයා පිහා ගන්නවත් හැකියාවක් නැති නිසා බඩගින්නේම සිටි බවත් ය.

මෙම මව දින තුනක් තිස්සේ අඳුරු කාමරයක අනාරක්ෂිතව තනිකර දොරගුලූ දමා ගිය දියණින් දෙදෙනකු සහ පුතු ගැන පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>