අහමඩ් ශේෂාඩ්ට විනය පරීක්ෂණ

ahamdsheshad

පසුගිය 30 වනදා දඹුල්ලේ පැවති ශ්‍රී ලංකා පකිස්ථාන අවසන් එක්දින තරගය අවසාන වී ක්‍රීඩකයන් ක්‍රීඩාගාරය වෙත යන අවස්ථාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් අසලට පැමිණ පකිස්තානු ක්‍රීඩක අහමඩ් ශේෂාඩ් ඩිල්ෂාන්ට කල ආගමික ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඔහුට විනය පරීක්ෂණයක් ක්‍රියාත්මක කිරීමට පකිස්ථානු ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

මෙම ප්‍රකාශය රුපවාහිනී පටිගත කිරීමකට හසුව තිබෙන අතර එම වචන හුවමාරුව මෙසේය,

අහමඩ් ශේෂාඩ් : “if you are a non-Muslim and you turn Muslim, no matter whatever you do in your life, straight to heaven.”
ඔබ මුස්ලිම් අයෙකු නොවුනත් ඉදිරියේදී මුස්ලිම් වුනත් කිසි ප්‍රශ්නයක් නෑ, ඔබ ජිවිතේ මොනයම් ක්‍රියාව කලත් දිව්‍ය ලෝකයට යා හැකියි.

ඩිල්ෂාන් : “I dont like heaven”
මම දිව්‍ය ලෝකයට කැමති නැහැ.

අහමඩ් ශේෂාඩ් : “Then be ready for the fire”
එසේනම් අපායේ ගින්දරට සුදානම් වන්න.

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් පකිස්ථානු ක්‍රිකට් ආයතනය දැඩි අවධානය යොමුව ඇතැයි කියන අතර පිටියේදී ආගමික අදහස් පැතිරීම සම්බන්ධයෙන් ශේෂාඩ්ගෙන් කරුණු විමසා ඇත. එහිදී ඔහු පවසා ඇත්තේ එය තමන් හා ඩිල්ෂාන් අතර ඇතිවූ පුද්ගලික කතාවක් බවත් ඉන් එහාට දෙයක් නොමැති බවත්ය.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මෙතෙක් කිසිදු පැමිණිල්ලක් යොමුව නැති බවත් පකිස්තානු බලධාරීන් සඳහන් කරයි.

 

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>