අාසියානු කුසලාන විකාශනය TNL වෙතින්
මෙවර අාසියානු කුසලානයේ රූපවාහිනී විකාශන අයිතිය ඩයලොග් ආයතනය විසින් හිමි කර ගෙන තිබෙන අතර එම ආයතනය විසින් දේශීය විකාශන කටයුතු TNL ආයතනය වෙත ලබා දී ඇති බව නෙත් නිව්ස් වාර්තා කරයි.
මෙවර අාසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ විකාශය ටී.එන්.එල්. නාළිකාව ඔස්සේ සිදු කරන බව එම නාළිකාවේ නිල ෆේස්බුක් ගිණුමේ ද සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් තරග විකාශන වසර දෙකකට ඇත්තේ ජාතික රූපවාහිනී සංස්ථාවයි.
මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරගවල විකාශන පමණක් ජාතික රූපවාහිනී සංස්ථාව හරහා විකාශය කරන බවයි.
ආසියානු කුසලානය සදහා සුදුසුකම් ලබාගැනීමේ තරග මේ වනවිට පැවැත්වෙන අතර ඉතිරි තරඟ 24 වනදා ආරම්භ වීමට නියමිතයි.
මෙම තරඟාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (20) රාත්‍රී දිවයිනෙන් පිටත්ව ගියේය.