ආක්ෂාගේ බැංකු ගිණුම් 29ක ඉන්දියන් පෙම්වතාගේ මුදල් දාලා

null

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පෙට්‍රෝලියම් ආයතනයක ප්‍රධාන ගණකාධිකාරී ගෝපිරාජ් කවලංගිල් වඩකිප් නම් ඉන්දියා ජාතිකයා සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ඔහුගෙන් රුපියල් 14 කෝටියකට අධික මුදලක් වංචා කිරීමේ සිදුවීමට ටෙලිනාට්‍ය නිළි ආක්ෂා සුදාරිගේ බැංකු ගිණුම් අත්හිටුවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා ඊයේ (30) නියෝග කර ඇත.

ගෝපිරාජ් ඇය විවාහ කර ගැනීමේ අපේක්ෂාවෙන් වටිනා භාණ්ඩ රැසක් තමාට දුන් බව ඇය කියා ඇතැයි රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

බැංකු හා මූල්‍ය ආයතන 29ක ඇගේ ගිණුම් ඇති බව එහිදී සඳහන් වී ඇති අතර එක්තරා බැංකුවක වැල්ලවත්ත ශාඛාවේ රුපියල් 13034000 ක් ද, එම බැංකුවේ ම කොටුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ගිණුමෙහි රුපියල් 2400000ක් ඔහු විසින් බැංකු ගත කර ඇතැයි රහස් පොලිසිය දන්වා ඇත.

මුදල් වැය කළ ආකාරයය ප්‍රකාශ කිරීමට සුදාරි අපොහොසත් වී ඇති බවත්, එහෙයින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන කරන බවත් රහස් පොලිසි අධිකරණයට දැන්වීය.

ආක්ෂා සුදාරි රුපියල් 25000ක මුදල් හා රුපියල් තුන් කොටියක ශරීර ඇප මත මුදාහරිනු ලැබ සිටියි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>