ආකාශ වස්තුව උඩු ගුවනේදී විනාශ වෙයි

null

ශ්‍රී ලංකාවට දකුණෙන් වූ මුහුදු තීරයට පතිත වනු ඇතැයි අපේක්ෂා කළ ඩබ්ලිව්.ටී 1190 එෆ් අභ්‍යවකාශ අපද්‍රව්‍ය කොටස පෘථිවි වායු ගෝලයට ඇතුළු වීමේදී විනාශ වන්නට ඇතැයි විශ්වාස කරන බව විද්‍යාඥයන් පවසයි.

අභ්‍යවකාශ සුන්බුන් කොටස තංගල්ලට ඉහළ අහසේදී ගිනිගෙන විනාශ වී ඇති බව උඩුගුවනේ රැඳී සිටි ගල්ෆ් නිරීක්ෂණ කණ්ඩායම විසින් තහවුරු කර ඇති බව ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය පවසයි.

ජෙට් යානයක රැඳී සිටි එම නිරීක්ෂණ කණ්ඩායම විසින් ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයට මේ බව දැනුම්දී ඇති අතර අදාළ නිරීක්ෂණ කණ්ඩායම රැගත් යානය කටුනායකට ගොඩබැස්සවීමට නියමිත බවද ග්‍රහලෝකාගාරයේ ප්‍රකාශකයෙකු පැවසීය.

කෙසේ නමුත්, නාසා ආයතනය උඩු ගුවනේදී සිදුකළ නිරීක්ෂණයකදී එය බිමට පතිත වන බවට දර්ශනය වූ බව නිල නොවන වාර්තා ලැබී ඇති බවයි ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ විද්‍යාඥ ජනක අඩස්සූරිය මහතා පවසයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>