ආකේඩ් එකේ මාළු ටැංකියේ වීදුරුවක් ලක්ෂ 300 – මාළුවෙක් 65000යි

null

පසුගිය රජය සමයේ ධනපති පන්තිය වෙනුවෙන් කොළඹ නගරයේ සිදුකළ ඇතැම් මහාපරිමාණ සංවර්ධන ව්‍යාපෘති අද පාඩු ලබන තත්ත්වයට පත්ව ඇතැයි මහනගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ලෝක ජනාවාස දිනය වෙනුවෙන් කොළඹ ඊයේ (05) පැවති විශේෂ සැමරුම් උත්සවයකට සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

“මින් ඉදිරියට කිසිම ආකාරයකින් කොන්ත්‍රාත්කරුවන්ට හිතවත්කමට ලබා දෙන්නේ නෑ. විධිමත් පටිපාටියකට අනුව තමයි ඒවා ලබා දෙන්නේ.
ඒ වගේම ප්‍රමුඛතා හඳුනා නොගැනීම නිසා නාගරික සංවර්ධනයේ විශාල ගැටළු වලට අපි මුහුණ දීලා තියෙනවා. අපි හැදුවා විශාල සාප්පු සංකීර්ණ, ආකේඞ් ඉන්ඩිපෙන්ඩන්, රේස් කෝස්, ඒ වගේම පාවෙන වෙළඳසැල් ඒවා වල ලක්ෂ ගණන් විදුලි බිල ගෙවාගන්න තාම බැරිවෙලා තියෙනවා.

ආර්කේඩ් එකේ හදලා තියෙන මාළු ටැංකියක වීදුරුව විතරක් ලක්ෂ 300යි. ඒකට දාල තියෙන මාළුවන් රු. 65000 ක් වෙනවා. මේ අද අපිට නඩත්තු කරන්න බැරි සුදු අලි වෙලා. ඒවා පරිප්පු, පෙට්‍රල්, සීනි වලින් බදු අය කරලා ජනතාවගේ මුදලින් නඩත්තු කරන්න වෙලා තියෙනවා. කිසියම් ආකාරයක ධනවත් පිරිස්වලට පහසුකමක් සපයනවා නම් එම පිරිස් ඒවාට ගෙවන්න ඕනේ. ඒ සඳහා ප්‍රතිපත්ති අපි හදනවා.”

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>