ආගම අදහන්න නොදෙන, හමුදා ප්‍රධානියෙකු ගැන හෙළිදරව්වක්

null

යුද හමුදාවේ ඇතැම් සාමාජිකයන්ට ආගමික කටයුතු සඳහා සහභාගි වීමට එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු බාධා කරන බවට තමන් වහන්සේ වෙත ලිපියක් ලැබී ඇතැයි අස්ගිරි මහානායක අතිපූජ්‍ය ගලගම ශී‍්‍ර අත්තදස්සි හිමියන් පවසනවා.

උන්වහන්සේ එ් බව පැවසුවේ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සමග ඊයේ (18) පෙරවරුවේ කළ සාකච්ඡාවකදීයි.

ප්‍රධාන හමුදා නිලධාරියෙකු ඇතැම් අවස්ථාවන්හිදී දෙමව්පියන්ගේ, දරුවන්ගේ අසනීපයකට හෝ තමා යටතේ රාජකාරී කරන හමුදා සාමාජිකයන්ට නිවාඩු ලබානොදෙන බව එහි සදහන් වී ඇතැයි මහනාහිමියන් ප්‍රකාශ කර තිබේ.

මේ පිළිබඳව ආරක්ෂක ලේකම්වරයාගේ අවදානය යොමු කරන බව අස්ගිරි මහනාහිමියන් අමාත්‍යවරයාට ප්‍රකාශ කර ඇති අතර තමන් ද ජනාධිපතිවරයාගේ සහ යුද හමුදාපතිවරයාගේ අවදානය එම සිද්ධිය සම්බන්ධයෙන් යොමු කරන බවට අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා මහනාහිමියන්ට පවසා තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>