ආණ්ඩුවට එක් නායකයෙක් අවශ්‍යයයි

null

ආණ්ඩුව පවත්වාගෙන යාම එක් නායකයෙකු විසින් බාරගත යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ නායකයින් දෙදෙනෙකුගේ ආණ්ඩුව මෙහෙයවීමෙන් ගැටලු රැසකට මුහුණදීමට සිදුව ඇති බවයි.

එකිනෙකට වෙනස් මත දරන පක්ෂ දෙකක නායකයන් දෙදෙනෙක් වත්මන් ආණ්ඩුව පිහිටුවා ඇති බවත්, එය රටේ ඉදිරි ගමනට නොගැලපෙන ක්‍රියාවක් බවත් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

අපවත් වී වදාළ මාතර හිත්තැටිය රජමහා විහාරාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය ගොඩගම කීර්ති ශ්‍රී අරියජෝති චූලාලංකාර විදාන නායක ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඊයේ පස්වරුවේ විහාරස්ථානයට ගිය අවස්ථාවේ දී මාධ්‍යවේදීන් හමුවේ මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>