ආණ්ඩු පෙරලන කුමන්ත‍්‍රණ පරදනවා
ආණ්ඩු පෙරලන කුමන්ත‍්‍රණ මහජන සහායෙන් පරාජය කරන බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පවසයි. ජනතා ඡන්දයෙන් මිස කුමන්ත්‍රණවලින් ආණ්ඩුවක් නිර්මාණය කිරීමට තමන් ඉඩ නොතබන බවද හෙතෙම අවධාරණය කරයි.
ජනාධිපතිවරයා එ් බව පැවසුවේ යාපනය නගර සභා කි‍්‍රඩාංගණයේ ඊයේ (21) පස්වරුවේ පැවති රාජ්‍ය නත්තල් උත්සවය අමතමින්.
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා එහිදී පළ කළ අදහස් කිහිපයක් පහත පරිදිය.
“ඒ අන්තවාදීන් කියනවා මේ රටේ නැවත එල්ටීටීඊය ඔළුව උස්සන්න අපේ ආණ්ඩුව ඉඩ දෙනවයි කියලා. මේ රටේ නැවත යුද්ධයක් ඇතිවෙන්න කිසිසේත් අපි ඉඩදෙන්නේ නෑ කියලා සහතික වෙනවා. මේ රටේ ජාතික ආරක්ෂාව බිඳ වැටිලයි කියන අය යුද්ධය ඇතිවීමට හේතු සෙවිය යුතුයි. මේ රටේ අන්තවාදීන්ට මම ආරාධනා කරනවා උතුරේ ජනතාව හමුවෙන්නයි කියලා. ඒගොල්ල සියලු දෙනාම එක හඬින් අත් උස්සලා ඒක කතාවක් කිවුවා. අපි අවුරුදු 25 කට කලින් හිටපු තැනට අපිව ගෙනිහින් දාන්න කියලා. ඒක නිසා මම කොළඹ ඉඳන් කෑගහන අන්තවාදීන්ට කියනවා, බොරුවට කෑගහන්නේ නැතුව ප්‍රශ්නේ තේරුම් ගන්න කියලා.පාර්ලිමේන්තු කුමන්ත්‍රණවලින් අලුතෙන් ආණ්ඩු හදන්න මමත් අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයත් ඉඩ තියෙන්නේ නැහැ.”