20 Feb 2015
ආනයනික අර්තාපල් සඳහා බද්ද ඉහළට
ආනයනික අර්තාපල් කිලෝවක් සඳහා රජය විසින් පනවා ඇති බද්ද රැ. 15කින් ඉහළ නංවා ඇතැයි වාර්තා වේ. මේ අනුව ආනයනික අර්තාපල් කිලෝවක් සඳහා පැනවූ බදු රුපියල් 40 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
දේශීය අර්තාපල් ගොවියා නගා සිටුවීමේ අරමුණින් මෙය ක්රියාත්මක කර ඇති බවයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු සහ පර්යේෂණ ආයතනය සඳහන් කරයි.
මේ වනවිට දේශීය වශයෙන් වගා කෙරුණු මහ කන්නයේ අර්තාපල් වෙළඳපොලට ලැබෙමින් පවතින අතර ඒවා දැනට කිලෝවක් වෙළඳපොලේ අලෙවි වන්නේ රුපියල් 80 ත් 100 ත් අතර මිලකටයි. කෙසේ වෙතත් ආනයනික අර්තාපල් රුපියල් 60 ත් 80 ත් අතර මිලකට අලෙවි විය.
නව බද්ද මගින් දේශීය සහ ආනයනික අර්තාපල් මිල සමාන මට්ටමක පවත්වාගැනීමටයි රජය අපේක්ෂා කර ඇත.