28 Jan 2016
ආනයනික ටින් මාළු බද්ද ඉහළට
ආනයනික ටින් මාලූ කිලෝවක් සඳහා පැවති බද්ද රුපියල් 100 දක්වා ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
ඒ අනුව අලුතින් පැනවෙන බද්ද රුපියල් 50 ක් වෙයි.
දේශීය කර්මාන්තකරුවන් දිරිගැන්වීම සඳහා එම බද්ද වැඩිකිරීමට තීරණය කර ඇති බව ඔහු වැඩි දුරටත් සඳහන් කර ඇත.
වාර්ෂිකව මෙටි්රක් ටොන් 20 000 ක ටින් මාලූ මෙරටට ආනයනය කරන අතර එමඟින් රටට අහිමිවන මුදල රුපියල් බිලියන 5 ක් බවද හෙතෙම පෙන්වාදී තිබේ.