ආනයනික පාරිභෝගික භාණ්ඩ මිල ඉහළට

null

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය කැපී පෙනෙන ලෙස පහත වැටීමත් සමඟ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුලූ ආනයනික භාණ්ඩවල මිල ඉහළ දැමීමට සිදුව ඇති බව ආනයනකරුවන් පවසයි.

ඒ අනුව පරිප්පු, වියලි මිරිස්, කව්පි, හාල්මැස්සන්, කඩල, ලොකු ළුෑණු, අර්තාපල් ඇතුලූ ආනයනික භාණ්ඩවල මිල ගණන් ඉහළ යනු ඇති.

පසුගිය සිකුරාදා වනවිට ඩොලරයක් සඳහා විනිමය අනුපාතිකය රුපියල් 140 ඉක්මවා පහත වැටුණා.

ඒ සමඟ ආනයනික භාණ්ඩ සඳහා දැරිය යුතු පිරිවැය ඉහළ යන බව පිටකොටුව වෙළඳ සම්මේලනයේ සභාපති කේ. පලනියන්ඩි සඳහන් කර තිබේ.

රුපියලේ අගය පහත වැටීම නිසා තමන් මුහුණදී ඇති දුෂ්කරතා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මුදල් අමාත්‍යවරයා සමඟ හමුවක් ඉල්ලා ඇති බවද ඔහු පවසයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>