ආපදා මරණයකට ලක්ෂ 10ක් – නිවසක් පිරිසිදු කරන්න රුපියල් 10,000ක්
ආපදා තත්ත්වය හමුවේ වෘත්තීන්වල නිරතව සිටියදී කිසියම් අනතුරකට ලක්ව මිය ගිය අය වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 ක වන්දියක් ලබාදීමට කටයුතු කරන බව වාරිමාර්ග, ජලකළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.
එමෙන්ම ගංවතුර හේතුවෙන් හානිවූ නිවාස පිරිසිදු කරගැනීම සඳහා එක් නිවසකට රුපියල් 10,000ක් ලබාදීමට සැලසුම් කර ඇති බවටද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.
අදාල හානි පිළිබඳ තක්ෂේරු කිරීමේ කටයුතු කඩිනම් කර වන්දි ලබා දීමට පියවර ගන්නා බවත්, එමෙන්ම අවශ්‍යතා කඩිනමින් ලබා දීම සඳහා දිස්ති‍්‍රක් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත රුපියල් මිලියන 10 බැගින් ලබා දීමටද පියවර ගෙන තිබෙන බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කර ඇත.
වෛද්‍ය පහසුකම් ලබා දීමේ වැඩපිළිවෙල පිළිබඳ ද මෙහිදී පුළුල්ව සාකච්ඡා කර ඇති අතර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් පැවසුවේ සුරක්ෂිතතා කඳවුරුවල රදවා සිටින සෑම අයෙක්ම විශේෂ වෛද්‍ය පරීක්ෂාවට ලක් කිරීමට පියවර ගෙන ඇති බවයි.
එම වැඩපිළීවෙල තවත් පුළුල් කරමින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල, රෝහල් හා අනෙකුත් අංශ ඒකාබද්ධ කරමින් සෞඛ්‍ය පරීක්ෂාවන් ඉහළ දැමීමටද පියවර ගෙන තිබේ.