21 May 2018
ආපදා මරණ 6 දක්වා ඉහලට
හදිසි ආපදා තත්වය හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ 6ක් සිදුව ඇති බවත් පුද්ගලයින් 20,000කට අසන්න පිරිසක් මේ වනවිට පිඩාවට පත්ව ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ.
බුලත්කොහුපිටිය – උඳුගොඩ ප්‍රදේශයේදී නිවසක් මතට පස් කන්දක් කඩා වැටි පුද්ගලයෙකු මියගොස් තිබෙන අතර අකුණු අනතුරු හේතුවෙන් සිල් මාතාවක් ඇතුළු පුද්ගලයින් 4 දෙනෙකු මියගොස් තිබේ. එමෙන්ම ගසක අත්තක් කඩා වැටීමෙන් ද කාන්තාවක් ජිවිතක්ෂයට පත්වී ඇත.
බෙංගාල බොක්කේ පවතින අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් බවට පත්වී තවදුරටත් දිවයිනට අසන්න වුවහොත් අයහපත් කාලගුණයේ බලපෑම් ඉහල යා හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කර තිබේ.