ආයුධකරුවන් සමග සුදුවෑන් රථයක් මිරිහානෙන් හසුවේ

null

සුදු වෑන් රථයක ආයුධ රැගෙන යමින් සිටි යුධ හමුදා සෙබළුන් තිදෙනෙකු මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මිරිහාන පොලිසිය විසින් සැකපිට වෑන් රථය නවතා පරීක්ෂා කිරීමේ දී ආයුධ සමග සිටි සිවිල් ඇඳුමින් සැරසුණු යුධ හමුදා සෙබළුන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන් මිරිහාන පොලීසියට රැගෙන ගොස් ප්‍රශ්න කරන අවස්ථාවේදී තමන් මේජර් ජෙනරාල්වරයෙකුගේ පෞද්ගලික ආරක්ෂකයින් ලෙස කටයුතු කරමින් සිටින බව පවසා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

කෙසේ වෙතත් මේ වන විට පොලීසිය විසින් යුධ හමුදා පොලීසියට දන්වා ඇත්තේ ඔවුන් ගමන්ගත් සුදු පැහැති වෑන් රථය සහ එහි අංක තහඩුව යුධ හමුදාවට අයත්දැයි යන්න වග සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙසයි.

මීට අමතරව පොලීසියට හමුවූ ගිනි අවිය අදාළ පුද්ගලයින් විසින් සඳහන් කළ මේජර් ජෙනරාල්වරයාගේ පරිහරණයට ලබාදුන් එකක්ද යන්න පිළිබඳවත් පරීක්ෂා කර වාර්තාවක් ලබාදෙන ලෙස පොලීසිය විසින් යුධ හමුදා පොලීසියට දන්වා තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>