ආරක්ෂක අංශ වලට දේශපාලනය තහනම්

null

මින් ඉදිරියට ආරක්ෂක අංශ සාමාජිතයින් දේශපාලන කටයුතු සඳහා යොදා ගැනිමට ඉඩ ලබා නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඊයේ (31) මැදිරිගිරියේදී සිවිල් ආරක්ෂක බළකා සාමාජිකයින් සඳහා ස්ථිර පත්වීම් ලිපි ප්‍රධානයට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

මින් මතුවට සිවිල් ආරක්ෂක බළකායට, ත්‍රිවිධ හමුදාවට, පොලීසියට දේශපාලය තහනම් බවත් ඒ අංශවලට තිබෙන්නේ නීතිය ක්‍රියාත්මක කිරීම බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කර ඇත.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ පසුගිය රජය පැවති සමයේ ආරක්ෂක අංශ සාමාජිකයින් දේශපාලන රැස්විම් වලට පවා යොදා ගත් බවයි.

එමෙන්ම ශ්‍රී ලංකා හමුදාව විනයගරුක බවත්, එය ලෝකයම පිළිගෙන තිබෙන බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>