ආරක්ෂක ලේකම් ඉවත් කිරීමට සැරසේ

null

ආරක්ෂක ලේකම් බී.එම්. යූ.ඩී. බස්නායක මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට ජාතික විධායක සභාවේ දී සාකච්ඡා කළ බව කැබිනට් ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.

හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ප්‍රමුඛ විධායක සභාවේ නියෝජිතයන් කිහිප දෙනෙකුගේම අදහස වූයේ ආරක්ෂක ලේකම්වරයාගේ ක්‍රියාකාරීත්වයත් එම ධුරයට උචිත නොවන නිසා ඔහු එම ධුරයෙන් ඉවත් කිරීම බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.

අද පුවත් වාර්තා කරන පරිදි මේ සම්බන්ධයෙන් තමන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡා කරන බව හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසා තිබේ.

මතභේදයට ලක්ව ඇති ඇවන්ට් ගාඩ් සමාගමේ සභාපතිවරයාට විදේශගත වීම සඳහා උපකාරී වන ලිපියක් නිකුත් කිරීමත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණයක් පවතින ආරක්ෂක අමාත්‍යාංශ අතිරේක ලේකම් දමයන්ති ජයරත්න මහත්මියට නිවාඩු ලබාදීමටත් ආරක්ෂක ලේකම්වරයා කටයුතු කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>