ඇඟළුම් සේවිකාවගේ ජංගම දුරකථනය ඔස්සේ පරීක්ෂණ

null

මහියංගණය දඹගොල්ල ප්‍රදේශයේදී පසුගියදා දූෂණය කර මරාදැමුණු ඇගලූම් සේවිකා රම්‍යා විදර්ශනී අබේවර්ධන ඝාතනය කළ සැකකරු වස පානය කර සිටියදී පොලිසිය අල්ලාගත් අතර ඔහු දැන් සුවය ලබමින් සිටින බව වාර්තා වෙයි.

ඔහුගෙන් ලබාගෙන තිඛෙන ප්‍රකාශ අනුව සිද්ධිය වූ දිනයේ එම ඇඟලූම් සේවිකාව බස් රථයෙන් බැස කිසිවකු සමඟ ජංගම දුරකතනයෙන් කතා කරමින් නිවෙසට එන අතරතුරදී අතරමඟ රැක සිටි සැකකරු ඇය පැහැරගෙන ගොස් ඇති බව හෙළීවී ඇත.

ඇයව දූෂණය කරන්නට පැහැරගෙන යද්දී ඇගේ කෑගැසීමේ ශබ්දය දුරකථනයේ අනෙක් පස සිටි තැනැත්තාට ඇසෙන්නට ඇති බවට කරුණු අනාවරණයවී ඇත. කෙසේ වෙතත් ඇය ඔසවා ගෙන ටික දුරක් ගිය පසු දුරකතනය විසන්ධි කළ බව සැකකරු පවසා තිබේ.

අවසන් මොහොතේ මියගිය තැනැත්තිය කථාකරමින් සිටි අය සොයාගැනීම ඉදිරි පරීක්ෂණ සඳහා අවශ්‍ය වියහැකි බැවින් අදාළ ජංගම දුරකතන සමාගම මගින් ඒ ගැන පරීක්ෂා කිරීමට අධිකරණයේ අවසර ලබා ගැනීමට පොලිසිය තීරණය කොට තිබේ.

ඇය ඝාතනයට ලක්වූ ස්ථානයේ තිබී ඇයට අයත් ජංගම දුරකතන දෙකක් පොලිසිය විසින් සොයාගෙන තිබුණි. ඒ පිළිබඳ මහියංගණ වැඩබලන පොලිස් ස්ථානාධිපති වීරවංශ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මහෙස්ත්‍රාත්වරයා රෝහලට පැමිණ කරුණු පරීක්ෂා කළ පසුව සැකකරු ලබන 17දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවරණය මත මහියංගණය රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබන්නට දැන් ඉඩ සලස්වා ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>