ඇඟළුම් සේවිකාව දුෂණය කර ගෙල සිරකර මරා දමා ඇති බව හෙළිවේ

null

මහියංගනය, ගැමුණුපුර තේක්ක වත්තක තිබියදී මළ සිරුර සොයා ගත් 18 හැවිරිදි රම්‍යා විදර්ශනී තරුණිය ඝාතනය කර ඇත්තේ දූෂණය කර බව හෙළිවී තිබේ.

පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ දූෂණය කළ ඇගේ ගෙල සිර කර මරාදමා ඇති බවයි.

ඇඟළුම් කම්හලක සේවය කළ මෙම තරුණියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි සැකකරු වස පානය කර සිටියදී පොලිසිය විසින් ඊයේ (03) මහියංගනය, සෙනසුන්ගල පර්වතය මුදුනේදී සොයා ගනු ලැබුවේය.

ඔහු වස පානය කර ඇත්තේ ඔහුගේ පෙම්වතිය බවට සැකකෙරෙන 15 හැවිරිදි බාලවයස්කාර දැරියක් සමග බව පොලිසිය පවසයි.

මේවන විට සැකකරු පොලිස් නිළධාරීන්ගේ අත්අඩංගුව යටතේ මහියංගනය රෝහලේ ප්‍රතිකාර ලබයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>