ඇතෙකුගේ බඩ යටින් ගෙනගිය දරුවා ඇතාට පෑගී මරුට

null

කුරුණෑගල – ගොකරැල්ල – මැදගම්පොල ප්‍රදේශයේ දේවාලයක ඊයේ (19) පැවති පෙරහර සඳහා රැගෙනවිත් සිටි ඇතෙකුට පෑගිමෙන් මාස 10ක කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඒ, අපල උපද්‍රව දුරු කිරීම සඳහා ඇතෙකුගේ බඩ යටින් රැගෙනයාමේ සිරිත ඉටු කිරීමට යාමෙන්.

කුඩා දරුවා රැගෙන ඇතාගේ බඩ යටින් ගෙන ගිය බව කියන පුද්ගලයා ගොකරැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු එම අවස්ථාවේදී බීමත්ව සිට ඇති බව පොලිසිය පවසයි.

මෙම පුද්ගලයා දේවාලයේ පෙරහර ආරම්භ කිරීමට පෙර ඇතා දේවාල භූමියේ සිටි අවස්ථාවේදී කුඩා දරුවා රැගෙන ඇතාගේ බඩ යටින් රිංගා යාමට උත්සාහ කළ අවස්ථාවේදී දරුවා ඔහුගෙන් ගිලිහී ගොස් ඇතාට පෑගිමෙන් මෙම අනතුර සිදුව තිබුණි.

දරුවා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූ අතර, එහිදී තුවාල ලැබූ අදාළ පුද්ගලයාද පොලිස් අත්අඩංගුව යටතේ ගොකරැල්ල රෝහලේ ප්‍රතිකාර ලබයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>