ඇන්ජලෝ මැතිව්ස්ටත් ආබාධයක්

null

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් ද වම් පාදයේ වළලුකර ආබාධයකට ලක්ව සිටින බව ඔස්ට්‍රේලියාවෙන් ලැබෙන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

පසුගියදා ශ්‍රී ලංකාව හා ස්කොට්ලන්තය අතර පවතී තරඟයේදී පන්දු රකිමින් සිටියදී මැතිව්ස්ගේ වම් පාදයේ වළලුකර ආසන්නයෙන් වේදනාවක් ඇතිවිම හේතුවෙන් ඔහු පිටියෙන් ඉවත්ව ගියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් පි‍ලේ කළමනාකාර මයිකල් ද සොයිසා මහතා පවසා ඇත්තේ එම ආබාධයට අවශ්‍ය හොදම ප්‍රතිකාරය විවේකය බව වෛද්‍යමතය වී ඇති බවයි.

කෙසේ වෙතත් ලබන 18 වැනිදා පැවැත්වෙන ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව තරගයට සහභාගිවීමට ඔහුට එම ආබාධය ගැටලුවක් නොවන බවද ඔහු වැඩි දුරටත් සඳහන් කර ඇත.

මේ අතර ඇඟිල්ලේ ආබාධයට ලක්ව සිටි රංගන හේරත්ගේ තත්ත්වය යහපත් අතට හැරී ඇති බැවින් ඔහු ඉදිරි තරඟ සඳහා එක්වනු ඇති බවද වාර්තා වේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>