ඇන්ජලෝ මැතිව්ස්ට FCID කැඳවීමක්
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැඳවා තිබේ.
එ් කුසල් ජනිත් සහ රංගන හේරත් මුදලට තරග පාවාදීම සඳහා පොළඹවා ගැනීමට උත්සහ කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.
එ් අනුව ලබන සඳුදා ඇන්ජලෝ මැතිව්ස් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටිනු ඇති.
පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති තරගාවලිය අතරතුර, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කුසල් ජනිත් සහ රංගන හේරත් යන ක්‍රීඩකයන් මුදලට තරග පාවාදීමට පෙළඹ වූූ බවට පරීක්ෂණයක් මේ වනවිටත් සිදුකෙරෙමින් පවති.
ඒ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර සිදුකළ පැමිණිල්ලකට අනුවයි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කුසල් ජනිත් පෙරේරා සහ රංගන හේරත්ද ඉකුත් 12 වැනිදා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටියේය.