ඇන්ටනොව් 32 යානයේ කළු පෙට්ටිය රුසියාවට

null

හෝකන්දර – අතුරුගිරිය ප්‍රදේශයට ඊයේ (12) උදෑසන කඩාවැටුණු ඇන්ටනොව් 32 ගුවන් යානයේ වාර්තාවක් ලබා ගැනීම සඳහා විශේෂ කමිටුවක් පත් කර තිබේ.

ගුවන් හමුදාපතිවරයාගේ උපදෙස් මත එයාර් කොමදෝරු රවී ජයසිංහගේ ප‍්‍රධානත්වයෙන් මෙම පරීක්ෂණ මණ්ඩලය ඊයේ පත් කරනු ලැබුවේය.

අනතුරට ලක්වූ ගුවන් යානයේ කළු පෙට්ටිය රුසියාවට යැවීමේ තීරණය පරීක්ෂණ මණ්ඩල වාර්තාව ලැබීමෙන් පසු කි‍්‍රයාත්මක කරන බව ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක, වින්ග් කමාන්ඩර් ගිහාන් සෙනෙවිරත්න ප්‍රකාශ කල බව හිරු නිව්ස් වාර්තා කරයි.

මෙම ගුවන් අනතුරත් සමග ගුවන් හමුදාව සතු ඇන්ටනොව් 32 වර්ගයේ ගුවන් යානා 4 ගුවන් ගත කිරීම තාවකාලිකව අත්හිටුවනු ලැබුවේය. ඒ ඒවායේ ආරක්ෂාව පිලිබඳ තත්වය පරික්ෂ කිරීම සඳහායි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>