ඇන්ටනෝ 32 යානා ගුවන් ගත කිරීම නවතයි

null

හෝකන්දර ප‍්‍රදේශයේ දී ඊයේ (12) ඇන්ටනෝ 32 වර්ගයේ ගුවන් යානයක් අනතුරකට ලක්වීම හේතුවෙන් ඇන්ටනෝ 32 වර්ගයේ යානා තවදුරටත් ගුවන් ගත කිරීම ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව තාවකාලිකව අත්හිටුවා තිබෙන බව නෙත් නිව්ස් වාර්තා කරයි.

ඇන්ටනෝ 32 වර්ගයේ ගුවන් යානා 4ක් ගුවන් හමුදාව සතු වන අතර ඒවා සම්බන්ධයෙන් ද තත්ත්ව පරික්‍ෂණයක් වහාම සිදුකරන බව ගුවන් හමුදා විධායක මාධ්‍ය නිලධාරී වින්ග් කමාන්ඩර් ගිහාන් සෙනෙවිරත්න මහතා පවසා තිබේ.

ඒ අනුව අදාල තත්ව පරීක්ෂණයෙන් පසු එම ගුවන් යානා තවදුරටත් භාවිතයට ගැනීම නොසුදුසු බව නිර්දේශ කෙරුණහොත් ඒවා නැවත ගුවන් ගත නොකෙරෙනු ඇති අතර එම ගුවන් යානා ගුවන් ගත කිරීම අනතුරුදායක නොවන බවට නිර්දේශ කෙරුණහොත් ඒවා නැවත ගුවන් ගත කරන බවද ඔහු ප්‍රකාශ කර තිබේ.

ඊයේ අළුයම සිදුවූ මෙම ගුවන් අනතුරෙන් නිවාස කිහිපයකටද අලාභ හානි සිදුවූ අතර ඒවා ගුවන් හමුදාව විසින්ම නැවත ඉදිකර දීමට නියමිත බව වාර්තා වේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>