ඇඳටවී සිටිනවාට පඩිය ඩොලර් දහඅටදහසයි

null

රැකියාවක් ලෙස එකදිගට ඇඳකට වී ගතකරන පුද්ගලයෙකු පිළිබද පුවතක් වාර්තා වේ. ඇමරිකා ජාතික ඇන්ඩෘ අයිවනික් වන මොහුගේ රැකියාව වන්නේ ඇඳකට වී මාස 3 ක් එකදිගට ගත කිරීමය. ඒ සඳහා ඔහුට ලැබෙන මුදල ඩොලර් දහඅටදහසකි (රුපියල් 23,58000).

එය කොතරම් පහසු රැකියාවක්දයි ඔබ පුදුමයට පත්වනු ඇත. නමුත් ඇන්ඩෘ අයිවනික්ට නියමවී ඇත්තේ එසේ මෙසේ කාර්යභාරයක් නොවේ.

මේ අපූරු රැකියාව ඇන්ඩෘට ලබා දී ඇත්තේ ඇමරිකාවේ නාසා ආයතනයයි. දීර්ඝ අභ්‍යාවකාශ ගමන් වලදී එක දිගට එකම ඉරියව්වෙන් රැදී සිටීමට සිදුවනු ඇති අභ්‍යාවකාශගාමීන්ට මතුවිය හැකි දුෂ්කරතා සොයාබැලීම මෙයින් සිදුකෙරේ. ඒ අනුව ඇන්ඩෘට එක දිගට මාස 3 ක් ඇඳෙහිම වැතිර සිටීමට නියම වී ඇත.

එහිදී ආහාර ගැනීම,වැසිකිළි යෑම ආදිය ඇඳෙහි වැතිර සිටියදීම කළ යුතුය. මුලින්ම දින කිහිපයක පෙර පුහුණුවක් තමන්ට ලබාදුන් නාසා විද්‍යාඥයෝ තමන්ට ඒවා කළ හැකි ආකාරය පැහැදිලි කර දුන් බව ඔහු පවසයි.

ඒ අතුරින් අපසුම කාරිය නිදාගෙන ශරීර කෘත්‍යයේ යෙදීම බව ඔහු කියන්නේ සිනාමුසුවය.

මුල් කාලයේදී අපහසු වුවත් දැන් තමන් ඊට ක්‍රමයෙන් හුරුවී ඇති බව ඇන්ඩෘ කියයි.

පළමු රැකියාවෙන් ඉවත් කිරීම නිසා ඔහු මෙම දුෂ්කර කාර්යයේ යෙදෙන්නේ අවසානයේ ඔහු අතට පත්වීමට නියමිත මුදල නිසාය. ඔහු මාස තුනෙන් දැනට සති තුනක කාලයක් ගත කර තිබෙන අතර තව සති හතක කාලයක් ඔහුට ඇඳට වී සිටීමට සිදුවනු ඇත.

null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>