ඇඳුම් ගණන් නිසා නිරුවතින් සිටිනවා

null

ප‍්‍රංශ ජාතික කලාකාරිනියක වන එරිකා සිමෝන් නිරුවතින් තම එදිනෙදා වැඩ කටයුතු කරගෙන යාමට තීරණය කර තිබේ. එලෙස නිරුවතින් පෙනී සිටීම පසුපස ඇයට අරමුණක්ද තිබේ.

විලාසිතා පාරාදීසයක් වන නිව්යෝර්ක් නගරයේ දිනෙන් දින අලූත්වන විලාසිතා ලෝකය හා යාවත්කාල වීමට උත්සාහ කරන නිව්යෝර්ක් වැසියන්ට කඩතුරාවෙන් වැසී ඇති සමාජයේ සැබෑ ස්වරූපය පෙන්වා දීම ඇයගේ උත්සාහයයි.

‘ගොඩක් අය විලාසිතා කරන්න මුදල් වැය කරනවා. නමුත් ඒ අය අමතක කරලා මේ නගරයේම කෑම ඩිංගක් හොයා ගන්න දුක්විදින සියගණනක් දෙනා සිටිනවා කියලා. ඇත්තටම ඇදුම් කියන්නේ විලිවසා ගන්න තියෙන දෙයක් මිස සමාජ තත්ත්වයක් පෙන්වන්න යොදාගතයුතු දෙයක් නොවේය කියලා මා සිතන්නෙ’

ඇය රැකියාවට යන්නේ, වෙළඳපලට යන්නේ, වීදිය දිගේ ඇවිදින්නේ ආදී මේ සියල්ල කරන්නේ නිරුවතිනි. එසේවුවත් ඇයට මේ දක්වාම කිසිදු පුද්ගලයෙකුගෙන් ගැහැටක් අත්වී නොමැති බව සඳහන්ය.

‘මේක සැබෑ නිදහස ගැන අනෙක් අයට කියාදීමට මා ගත් උත්සාහයක්.ඔබ ඔබට දැනට උරුම වෙලා තියෙන පෙනුමින් සෑහීමකට පත්වෙන්න.එය ඔබේ මනසට ලොකු සහනයක් අත්කරදේවි.සමාජය අපේක්ෂා කරන ලෙසට හෝ මාධ්‍ය වලින් පවත්වන සංදර්ශන වලට අනුව හෝ ඇදුම් පැළදුම් ඇඳීම ඔබ කළයුතු නැහැ. සරල වෙන්න. නිදහස් වෙන්න.’ ඇය පවසයි.

ඇය එලෙස නිරුවතින් සිට ලබාගත් ඡායාරූප පළකර පොතක් එළිදැක්වීමද ඇගේ තවත් අරමුණකි.


null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>