ඇමති ටි.බී.ඒකනායකගේ සපත්තුවේ කතාව

tb ekanayake

දෙදින නිල සංචාරයක් බව කියූ චීන ජනාධිපතිෂී ජින්පින් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී සංස්කෘතික ගිවිසුමකටද අත්සන් තැබිණි. ඊට අත්සන් තැබීම සඳහා ලංකාව වෙනුවෙන් සංස්කෘතික සහ කලාකටයුතු පිළිබඳ ඇමති ටී.බී. ඒකනායක මහතා හා චීනය නුවෙන් චීන කොමියුනිස්ට් පක්ෂ නායකත්ව මණ්ඩලයේ ලේකම් සහ මාධ්‍ය, ප‍්‍රකාශන, ගුවන්විදුලි, සිනමා හා රුපවාහිනී පිළිබඳ රාජ්‍ය පරිපාලන උපඅමාත්‍ය ජියැන්ග් ජියන් ගාඕ සහභාගී විය.

එම අවස්ථාවට සහභාගී වූ ටි.බී ඒකනායක ඇමතිවරයා අපහසුතාවයකින් සිටින ආකාරයක් එහි රැස්ව සිටි අයගේ අවධානයට ලක්වූ අතර පසුව සොයා බැලීමේදී එක් මාධ්‍යවේදියෙකු දැක ඇත්තේ ඇමතිවරයාගේ සපත්තු දෙකෙහිම අඩිය නොමැති බවය.

එහිදී මාධ්‍යවේදියා ලබාගත් ඡයාරූප මේ වන විට අන්තර්ජාලය පුරා පැතිරී ඇති අතර ඇමතිවරයාගේ පා ඇඟිලි පවා සපත්තුවෙන් පිටතට පැමිණ ඇති ආකාරය දැකගත හැකිය.

පසුව මේ පිළිබඳව අදහස් දක්වා ඇති ටි.බී ඒකනායක ඇමතිවරයා පවසා ඇත්තේ, චීන ජනාධිපති ගේ ප්‍රධානත්වයෙන් සංස්කෘතික ගිවිසුමක් අත්සන් කිරීම සඳහා ගාලු මුවදොර පැවති උත්සවයට ගෙදර තිබූ පරණ සපත්තු දෙකක් පැළඳගෙන ගිය බවත් එහි අඩි දෙකම මඟදී ගැලවුණු බවත්ය.

‘‘ඒ සපත්තු දෙක සුදුපාටයි. මගේ ඇඳුමට ගැළපෙන නිසා එය දමාගත්තා. හැබැයි කලෙකින් පාවිච්චි කළේ නැහැ එය පරණ සපත්තු දෙකක් මගදී අඩි ගැලවුණා ඉතින් උත්සවයටත් යන්න ඕනනේ. චීන ජනාධිපතිතුමාට අතට අත දීම කලාතුරකින් ලැබෙන අවස්ථාවක්. ඒ නිසා මම එහෙමම ගියා. අපි ගමේ මිනිස්සු. පොළවෙ අඩිය ගහල ඉන්න මිනිස්සු. සපත්තු දෙකට වෙච්චි දේ ගැන මම හිතුවේ නෑ. ඒ පින්තූර පළවී තිබුණා. ඔහොම දේවල් සිද්ධ වෙනවා.

tb ekanayake

tb ekanayake

tb ekanayake

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>