ඇමති ඩිලාන් සහ මහබැංකු අධිපතිත් ඉල්ලා අස්වේ

null

විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුබ සාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා සහ මහබැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ අජිත් නිවාඞ් කබ්රාල් ඊයේ (09) සිය ධූර වලින් ඉල්ලා අස්වී තිබේ.

කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බව අමාත්‍යවරයා නිවේදනය කළේ ය. ඔහු එහිදී කියා සිටියේ ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වු තමන්ට මහින්ද රාජපක්‍ෂ මහතා විසින් අමාත්‍යධූරයක් ලබා දුන් බවත්, රටේ ජනතාව මහින්ද රාජපක්‍ෂ මහතාගේ වැඩපිළිවෙල ප‍්‍රතික්ෂේප කර ඇති බැවින් තමන් ද අමාත්‍යධූරය අත්හැරීමට තීරණය කළ බවත් ය.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ඉල්ලා අස්වීම පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ, නව ජනාධිපතිවරයාට නව අධිපතිවරයෙකු පත්කරගනු පිණිස ඔහු එම තීරණය ගෙන ඇති බව ය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>