ඇමති මර්වින් සිය පිරිස සමග ගොස් හෝටලයක් වහපු හැටි

null

කිරිබත්ගොඩ විහාරස්ථානයක් අසළ පවත්වාගෙන යන හෝටලයක සමාජ විරෝධී ක්‍රියා සිදුවන බවට ලැබුණු තොරතුරක් අනූව ගම්වැසියන් සමග එහි ගිය ඇමති මර්වින් සිල්වා මහතා අද (17) එය වසා දැමීමට පියවර ගත්තේය.

කිරිබත්ගොඩ ඥානවිමලාරාම විහාරස්ථානය ආසන්නයේ පිහිටි එකී හෝටලය තුළ සමාජ විරෝධී ක්‍රියා සිදුවන බවට එම විහාරස්ථානයේ වැඩවසන ස්වාමින් වහන්සේ මෙන්ම ප්‍රදේශවාසී ජනතාවද පසුගිය කාලයේ කිරිබත්ගොඩ පොලීසියට පැමිණිලි කර තිබේ.

මේ සම්බන්ධයෙන් පොලිසිය කිසිදු පියවරක් නොගත් බැවින් ස්වාමින් වහන්සේලා සහ ගම්වැසියන් එක්ව එයට විරෝධය පල කරමින් ඊයේ පාගමනක නිරත වුනි. එම අවස්ථාවේ ඒ අසලින් යමින් සිටි ඇමති මර්වින් සිල්වා මහතා තම වාහනයෙන් බැස ඇවිත් ගැටළුව කුමක්දැයි සොයා බැලුවේය.

එහිදී ගම්වැසියන් සහ ස්වාමින් වහන්සේලා ඇමතිවරයාට සිද්ධිය පැහැදිලි කර අතර එම ගැටලුව පිළිබද සොයා බලා විසඳුමක් ලබාදෙන බව ඇමතිවරයා එහිදී පොරොන්දු විය.

ඒ අනුව අද තම ආරක්ෂකයින් සහ ගම්වැසියන් සමග එම හෝටලයට ගිය ඇමතිවරයා මෙහි සමාජ විරෝධී ක්‍රියාවන බවට පැමිණිලි ඇති බැවින් මෙය වසා දැමීමට සිද්ධ වෙන බව පවසා එහි සිටි සේවකයින්ගෙන් යතුර ඉල්ලා සිටියේය. නමුත් සේවකයින් පැවසුවේ එහි යතුර නැතිවී ඇති බවත් පැය 24 විවෘත බැවින් යතුරක් උවමනා නොවූ බවත්ය.

එසේ නම් සියලුදෙනාටම එළියට යන ලෙස පවසා ඇමතිවරයා ඔහුගේ හිතවතෙකු එහි ආරක්ෂාවට හෝටලය ඉදිරිපස තැබුවේය. තමන් මේ ගැන පොලීසියට පැමිණිලි කරන බවත්, පොලීසියේ ආරක්ෂාව ද හෝටලයට ලබාදෙන බවත්, පවසා කිසිවෙකුට නැවත දැනුම්දෙන තුරු හෝටලයට ඇතුළුවීමට ‍ඉඩ නොදෙන්නැයි ඇමතිවරයා සිය හිතවතාට කියා සිටියේය.

පසුව එම හෝටලයේ සේවිකාවක විසින් හෝටලයේ හිමිකරුට දුරකථන ඇමතුමක් ගෙන තිබු අතර ඔහු සමග කතා කරන ලෙස පවසා දුරකථනය ඇමතිවරයාට දී තිබේ. එම දුරකථන ඇමතුමට ප්‍රතිචාර දක්වමින් ඇමතිවරයා මෙසේ කියා සිටියේය.

“මම කතා කරන්නේ මර්වින් සිල්වා. මම මේ හෝටලයට ඇවිල්ලත් නෑ කාලා බිලත් නෑ සල්ලි අරගෙනත් නෑ. මේ හෝටලය වසා දැමීමට සිදුවෙනවා. මගේ පෞද්ගලික තරහක් නෑ තරහක් තියාගන්නත් එපා නමුත් අදින් පසු මෙම ස්ථානයේ ළමයින් සමග පැමිණෙන පවුල්වල සාමාජිකයින්ට හැර වෙනත් අයථා ක්‍රියා සඳහා තරුණ තරුණියන්ට නවාතැන් දෙන්න, මත්පැන් පානය කිරීමට ඉඩදිය නොහැකියි”

තමන් මෙය පොලීසියට පැමිණිලි කරන බවත්, ඒ අනූව උසාවියෙන් විසඳුමක් ලබා ගන්නැයිද කියමින් ඔහු දුරකථනය විසන්ධි කරන ලදී.

ඇමතිවරයාගේ මෙම ක්‍රියාකලාපය ඔහු හා පැමිණි ජනතාවගේ දැඩි සතුටට හේතුවූ අතර ඔවුන් සතුටින් ඉපිළ යමින් ඇමති මර්වින් සිල්වාට ජයවේවායි කියමින් කෑ ගසන්නට විය.

එම අවස්ථාවේ වීඩියෝව පහතින්

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>