19 Jul 2015
ඇමති මහීපාලගේ ආරක්ෂක රථයෙන් ගංජා ඇදලා මාට්ටු
සබරගමුව පළාත් සභා ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්ගේ ආරක්ෂක නිල රථයේ තිබී ඊයේ (18) අලූයම ගංජා තොගයක් හමුවී තිබෙන බව හිරු නිව්ස් වාර්තා කරයි.
කොළඹ සුරාබදු දෙපාර්තමේන්තුවේ බුද්ධි අංශයේ නිළධාරීන් පිරිසක් විසින් නිළ රථය මොළගොඩ අත්තනගොඩ මාර්ගයේ දී වටළා ඇත.
එහිදී ගංජා කිලෝ 3ක් පමණ සොයාගෙන ඇති අතර අමාත්‍යවරයාගේ රියදුරෙකු වන චමින්ද රසික අතුකෝරල නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු කෑගල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් වීමෙන් පසු ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කර ඇත.
මෙම ජීප් රථය කලක් පොලිසියට අයත්ව තිබූ පසුව පළාත් සභාවට පවරාගෙන ඇතැයි පොලිසිය පවසයි.