ඇමති රාජිතගේ පුතාගෙන් මහින්දට අභියෝගයක්

null

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික ව්‍යාපාරයේ ජාතික සමුළුව ඊයේ (21) කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි. එහි නායකයා ලෙස කටයුතු කරන අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ පුත් චතුර සේනාරත්න මහතා හිටපු ජනපතිට අභියෝග කරමින් මෙසේ සඳහන් කර තිබේ.

“ඔබ 77 බෙලිඅත්තෙන් ඡන්දෙන ආවා නම් නැවතත් බෙලි අත්තෙන්ම ඡන්දෙට එන්න. මම එනවා බෙලි අත්තෙන් ඡන්දෙ ඉල්ලන්න. ඡන්දේ ඉල්ලා බෙලිඅත්තෙන්ම ඔබේ දේශපාලන ජීවිතය අවසන් කරන්න.”

නෙත් නිව්ස් වාර්තා කරන පරිදි හෙතෙම වැඩි දුරටත් මෙසේ ප්‍රකාශ කර ඇත…

“රුපියල් දෙදහස බැගින් දීලා, රුපියල් දෙලක්ෂය බැගින් බස් වලට දී මාතරට සෙකඟ ගෙනාවා. බෙලි අත්ත මහින්ද රාජපක්ෂ මහතාගේ ගමේ මැද මුලන වලව්ව ඉදිරිපිට බස් දෙක පුරවා ගන්න පැය තුනයි විනාඩි 41ක් රාජපක්ෂ මහත්තයාගේ පිරිස රස්තියාදු වුණා. අප ළඟ වීඩියෝ තිබෙනවා. යහපාලනයේ එක පොරොන්දුවක් වුණා. දූෂිතයන්ට නාමයෝජනා නොදෙන බව කිව්වා. එසේ දී තිබුණොත් අපි ඩාලි පාරේ පක්ෂ මූලස්ථානයයි සිරිකොතයි වටලනවා.”

එමෙන්ම මැතිවරණවලට ඉදිරිපත් වන අපේක්ෂකයන්ට වියදම් කළ හැකි මුදල් සම්බන්ධයෙන් සීමා පැනවිය යුතු බවද ඔහු පවසා ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>