24 Feb 2016
ඇමති රාජිතට සැත්කමක්
රුධිර නාල දෙකක පවතින අවහිරතාවක් හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට අද (24) සැත්කමක් කිරීමට නියමිත බව ඇමැතිවරයාගේ මාධ්‍ය ලේකම් නිපුන් ඒකනායක මහතා සඳහන් කරයි.
එම අවහිරතාව කලින් සොයා ගැනීම නිසා තත්ත්වය බරපතළ නොවූ බව වෛද්‍යවරු ප්‍රකාශ කර ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මේ වනවිට රාජිත සේනාරත්න මහතා ප්‍රතිකාර ලබන්නේ සිංගප්පුරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේ වන අතර එම රෝහලේදීම සැත්කම සිදු කිරීමට නියමිතයි.